මැයි දිනය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් රජරට විශ්වවිද්‍යාලයේදී

මැයි දිනය ඉලක්ක කරගනිමින් මැයි දිනයේ දේශපාලනය සහ එයට වැඩකරන ජනතාවගේ ශක්තිය ඒකාබද්ධ කිරීම ගැන දැනුවත් කරන සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් ‘මැයි 01 ඇයි’ මැයෙන්, මෙම 05 (අද) දින රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කටයුතු සැළසුම් කර ඇත. මේ සඳහා දේශකයන් වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සහභාගී වීමට නියමිතය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>