කැඳවුම්කරු සහෝදරයා වහා නිදහස් කරනු - රට පුරා විරෝධතා !



ජුනි මස 15 වන දින කැලණිය විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කල පාගමනේදී අධිකරණ නියෝග කඩ කල බවට චෝදනා නගමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා ජුලි මස 15 වනදා තෙක් බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුලි 8 නියෝග කරන ලද අතර මෙම සිරගත කිරීමට විරෝධය පළකරමින් සහ වහා නිදහස් කරන ලෙස පාලකයින්ට බලකරමින් ජයවර්ධනපුර ,රුහුණ,රජරට,සබරගමුව යන විශ්වවිද්‍යාලවල එදිනම(ජුලි 08) විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුනි.

මෙම අත්අඩංගුවට ගැනීමට එරෙහිව සියලුම ප්‍රගතිශීලි බලවේගවල බලවත් විරෝධයක් ගොඩනැගී ඇති අතර ජුලි 09 වන දින වාමාංශික දේශපාලන පක්ෂ ,වෘත්තීය සමිති ,සිවිල් ක්‍රියාකාරිකයින් කලාකරුවන් ගෙන් සමන්විත "ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ" සංවිධානය මගින්ද මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මේ අතර මාලබේ සයිටම් හොර උපාධි කඩයට හා අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි අරගලය තීරණාත්මක අවස්ථාවකට පැමිණි මොහොතක එම අරගලය අඩපණ කිරීමේ අරමුණින් පාලකයින් සිදුකරන ශිෂ්‍ය මර්දනයට එරෙහිව අනෙකුත් විශ්වවිද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන හා වෛද්‍ය පීඨ වල  ශිෂ්‍ය සංගම් ඉදිරියේදී වීදි බැසීමට තීරණය කර ඇත.
ඒ අනුව ජුලි මස 12 වනදා ,
වයඹ විශ්වවිද්‍යාලය , රජරට විශ්වවිද්‍යාලය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය  හා අග්නිදිග විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල සිසුන්ද ,
HNDA නයිවල ,HNDA  නුවර,HNDA  ගාල්ල,HNDA  දෙහිවලයන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ද,
කොළඹ ,රාගම හා ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල සිසුන්ද
විරෝධතා උද්ඝෝෂණ සිදුකිරීමට නියමිතය.

කුමන ආකාරයේ ශිෂ්‍ය මර්දනයක් පාලකයින් විසින් එල්ල කලද අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි අඛණ්ඩ අරගලය නොනවත්වන බව පසක් කරමින් ජුලි මස 13 සහ 14 යන දිනවලදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින්
අධ්‍යාපනය විකිණිමට
මාලඹේ SAITM  හොර උපාධි කඩයට
ශිෂ්‍ය මර්දනයට එරෙහි
දෙදින විරෝධතාවයක් කොළඹදී පැවැත්වීමටද නියමිත වේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>