අධ්‍යාපනය විකිණීමට
මාලඹේ SAITM හොර උපාධි කඩයට
ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කරන දෙදින විරෝධතාවය අද(13) දින උදෑසන 11 ට කොළඹදී ආරම්භ කිරීමට නියමිතය.
මාළඹේ SAITM හොර උපාධි කඩයට එරෙහිව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනගිය අඛණ්ඩ අරගලය මේවන විට තීරණාත්මක අවස්ථාවකට එළඹ ඇත.ඒ අනුව සංවිධානය කෙරෙන මෙම දෙදින විරෝධතාවය
එරෙහි දෙදින විරෝධතාවය විරෝධතා උද්ඝෝෂණයකින් ආරම්භ වීමට නියමිත අතර අද(13) සවස 04 ට සිවිල් සංවිධාන,වෘත්තීය සමිති වල සහභාගිත්වයෙන් ඒකාබද්ධ රැළියක්ද පැවැත්වේ.ඉන් අනතුරුව විරෝධතා ආකල්ප ගී ප්‍රසංගයක් සමගින් අද රාත්‍රිය පහන් වන තුරු සිසුන් නිදිවර්ජිතව කොළඹ කඳවුරු බැඳ හෙට උදැසන නැවතත් උද්ඝෝෂණයකින් මෙම දෙදින විරෝධතාවය අවසන් කිරීමට නියමිත වේ.
මාලඹේ SAITM හොර උපාධි කඩයටත්, අධ්‍යාපනය විකිණීමටත් හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව දහස් ගණනක් විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතාවයට එක්වීමට සුදානමින් සිටී.