දෙදින විරෝධතාව - රැළිය

අධ්‍යාපනය විකිණීමට, මාළඹේ හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහි දෙදින විරෝධතාවය අද (07/13) දින පෙ.ව. 11.30ට ආරම්භ කරන ලදී.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කල මෙම දෙදින විරෝධතාවයට සමගාමීව පිටකොටුව බස් නැවතුම්පළ අසල දැවැන්ත විරෝධතා රැළියක් සංවිධානය කල අතර ඊට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් කැඳවා තිබිණි.
ඒ සඳහා

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
එක්සත් කම්කරු සම්මේලනය
ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
ලංකා ගුරු සේවා සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ලංකා ගුරු සංගමය
නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
වතු සේවා සංගමය
ප්‍රගති ගුරු සංගමය
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය
ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය
ප්‍රාක්සිස් සාමුහිකය
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ජාතික නිදහස් වෙළඳ සංගමය
අලුත් පරපුර
කම්කරු අරගල මධ්‍යස්ථානය
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු

සහභාගී විය.
අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමට හොර උපාධි කඩය හා ශිෂ්‍ය මර්දනයට එරෙහිව පුළුල් වේදිකාවක් ගොඩනැගීමට හැකියාව ලැබීම මුළුමහත් සමාජයක් ලැබූ ජයග්‍රහණයක් බව සියලු බලවේගයන්ගේ අදහස විය.





























අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>