ජුනි මස 15 වන දින කැලණිය විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කල පාගමනේදී අධිකරණ නියෝග කඩ කල බවට චෝදනා නගමින් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා ජුලි මස 15 වනදා තෙක් බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින(ජුලි 8) නියෝග කරන ලදී.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා සිරගත කිරීමට විරෝධය පාමින් සහ වහා නිදහස් කරනු ලෙස බලකරමින් ජපුර,රුහුණ,රජරට,සබරගමුව විශ්වවිද්‍යාලවල අද දින(ජුලි 8) උද්ඝෝෂණ පැවැත්වුනි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර සහෝදරයා සිරගත කිරීමට විරෝධය පාමින් සහ වහා නිදහස් කරනු ලෙස බලකරමින් ජපුර,රුහුණ,රජරට,සබරගමුව විශ්වවිද්‍යාලවල අද දින(ජුලි 8) උද්ඝෝෂණ පැවැත්වුනි.
මාලබේ සයිටම් හොර උපාධි කඩයට හා අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි අරගලය තීරණාත්මක අවස්ථාවකට පැමිණි මොහොතක එම අරගලය අඩපණ කිරීමට ධනවාදී හුචක්කු තල්ලු කරන්නන් කටයුතු කරමින් සිටි.අයිතින් දිනා ගැනීමට සටන් වදින බලවේගයන් මර්දනය කරමින් රනිල්-මෛත්‍රි ආණ්ඩුව මේ සිදුකරන්නේ ඔවුන්ගේ ලිබරල් ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම සදහා වටපිටාව සකස් කර ගැනීමය.මේ මොහොත වනවිට මේ යහපාලන ආණ්ඩුව අන්තරේ කැදවුම්කරු සහෝදරයා,කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා හා කැලණිය විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් 8 දෙනෙකු මේ මොහොත වන විට අසාධාරණ ලෙස සිරගත කර ඇත.එමෙන්ම පංති තහනම් කිරීම් 50 ඉක්මවා ඇත.
රනිල්-මෛත්‍රි ධනපති ආණ්ඩුවට අප මතක් කලයුතු කරුණ වන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය යනු ලෙයින් යකඩින් මර්දනය කල නොහැකි වූ, එකා පිට එකා මාරා දැමු යුගයක පවා සටන් පාවා නොදුන් ව්‍යාපාරයකි.ශිෂ්‍ය නායකයින් සිරගත කරමින්,ආරක්ෂක අංශ මගින් නිවෙස් වලට තර්ජනය කරමින්,ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට පංති තහනම් ලබාදෙමින් මෙම සටන් නැවත්විය නොහැක.
මර්දනය මැද අරගලය ඉදිරියට... එක්වෙමු! සංවිධානය වෙමු! සටන් වදිමු!