රාජිතගේ නොදියුණු සමාජය


සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට අනුව වත්මන් අප ජිවත් වන සමාජය නොදියුණු සමාජයකි.ඔහු මේ බව පැවසුවේ පසුගිය 7 වනදා ජාතික රුපවාහිනී සේවය ඔස්සේ විකශය වූ සාකච්ඡවකදීය.ඒ සදහා සම්බන්ධව සිටියේ රාජිත සේනාරත්න මහතා පමණි.රාජිත සේනාරත්නට අනුව මේ සමාජය නොදියුණු හැදින්වීමට හේතුව වන්නේ ආණ්ඩුවට එරෙහිව සමාජයේ පවතින විරෝධතා  උදඝෝෂණ‍ හේතුවෙනි.ඔහුට අනුව රනිල්-මෛත්‍රි ආණ්ඩුවෙන් මේ සමාජයට වෙනසක් සිදුව   ඇත.එසේ වෙනසකට එරෙහි වීම සිදුවන්නේ නොදියුණු සමාජයක ලක්ෂණයක් ලෙසයි.රනිල්- ආණ්ඩුව නිර්මාණය නිර්මාණය වූ පසු රාජිතගේ නොදියුණු සමාජයේ මිනිස්සු අරගල කල අවස්ථා කිහිපයක් මෙසේ සලකා බලමු.

  • බදගිරිය ජනතාව තමන්ට බිමට ඇති ජලය විෂ වීම හේතුවෙන් පිරිසිදු ජලය ඉල්ලීම.(මෙම උදඝෝෂණ‍යට පොලිස් ප්‍රහාර එල්ල විය.)
  • දබුල්ල හල්වෙහෙර ගොවින් තමන්ට වී වගා කිරීමට ඇති අයිතිය ඉල්ලීම.(උදඝෝෂකයෝ සිරගත කරන ලදී.)
  • කුණු කන්දක ජිවත්වීමට නොහැකි යෑයි පැවසු මිතොටමුල්ලේ ජනතාවට පහරදීම.(සිරගත කරන ලද්දේ පහරකෑමට ලක්වූ පිරිසය.)
  • කොටකෙත නායයෑමෙන් විපතට පත් ජනතාවට විරෝධය පෑමට ඇති නිදහස අධිකරණ නියෝග මගින් වැලැක්වීම.
  • නැවත ඉදිනොකරන බවට වරාය නගරය නැවත ඉදිකිරිම.
  • දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව පවසා බලයට පත් වී ඉන්පසු දේශපාලන සිරකරුවන් නොමැති බව පැවසීම.
  • පොහොර සහනාධාරය අහෝසි කිරීම.
  • ETF - EPF අරමුදල් එකතුකර ඒ මුදල් කොල්ලකෑමට උත්සහ කිරීම.
  • කම්කරු නීති ළිහිල් කිරීම.
  • ගුරු හිගය 
  • රැකියා විරහිතඋපාධිධාරීන්ගේ සටන.
  • තම දරුවට පාසැල නොමැති වීම.
  • බොරු චෝදනා නගමින් කැලණිය සරසවියේ සිසු සිසුවියන් 8 දෙනෙකු සිරගත් කිරීම.
  • රැස්වීමේ නිදහස වරදක් බවට පත් කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිව්දෙනෙකු සිරගත කිරීම.
  • අධ්‍යාපන පෞද්ගලීකරණ එරෙහි උදඝෝෂණ වලට පහරදීම සහ සංවිධාන අධිකරණයට කැදවීම.
  • සරසවි සිසුන්ගේ නිවෙස් වලට ආරක්ෂක අංශ ගොස් තර්ජනය කිරීම.

 තව නිදසුන් එමටය.
මේ අයිතීන් වෙනුවෙන්  කරන අරගල . එය මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයාට නොදියුණු සමාජයකි.තමන් පීඩාවකට පත්ව ඇති බවත් එසේ පිඩාවට පත් වන්නේ පාලකයින් පවත්වාගෙන යනු ලබන සමාජ ක්‍රමයේ වරදින් බවත් මිනිස්සුන්ට වැටහීමත් එම පාලනයට විරුද්ධව අරගල කරන්නට මිනිසුන්   තිරණය කිරීමත් රාජිතලාට නොදියුණුකමකි. මිනිසුන් නොදියුණු ලෙස සිටීම රාජිතලා නියෝජනය කරනු ලබන ධනපති පාලකයනට වාසි සහගතය.ඔවුන්ගේ බලාපොරොත්තුව එයය. නමුත් ප්‍රශ්න හමුවේ වෙන දේ බලා නොසිට විසදුම් සෙවීමට අරගල කලයුතුයැයි යන්න අවබෝධ කොටගත් මිනිසුන් සිටින සමාජයක් තම අණසකට ගෙන සුරා කෑම අපහසුය.ඒ නිසා රාජිතලාගේ හීනය නොදියුණු මිනිසුන් සිටින සමාජයකි.නමුත් රාජිතලාට අමතක වූ යමක් ඇත. ඒ මේ සමස්ථ ලෝකය යහපත් දියුණු සමාජයක් කිරීමේ බලපොරොත්තුව ඇති මිනිසුන් සිටින බවය.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>