දණින් වැටෙමුද? සටන් වදිමුද?

උණක් හෙම්බිරිසවක් ද? ඇඟ පත අමාරුවක්ද? හදිසි අනතුරකද? අසාධ්‍ය ලෙඩක්ද? පිළිකාවක්ද? සැත්කමක්ද? ගෙදර කාට හරි අසනීපයක්ද? පොඩි ලෙඩක් හැදුනත ජිවිතේ අවදානමක් අපි හැමෝටම දැනෙනවා 

ටිකක් හිතන්න ...
ඒ වගේ වෙලාවක අපි යනවා ජිවිතේ බේරගන්න  ඕන නිසා රෝහලකට.වෛද්‍ය වරයෙක් ගාවට.හැබැයි බෙහෙත් දෙන්න කලින් රෝහලේදී ඔබෙන් ඇහුවොත් ” බෙහෙත් ටික දෙන්න නම් මෙච්චර ගානක් ගෙවන්න  ඕන” කියලා ? ඔබට මොකක කරන්න වෙයිද? 
අපි කියනවා එහෙම වුනොත්  අපේ රටේ බොහෝ දෙනෙකුට ලෙඩ වලින් මැරිලා යන්න වෙනවා ජීවත් වෙන්න මොන තරම් ආසා උනත් මොනතරම් හීන තිබුණත් සල්ලි තියනවාද නැද්ද කියන එක මත ජීවත් වෙනවාද මැරෙනවා ද කියකන තීරණය ඉබේම අපේ අතට එනවා. 
ඇයි මෙහෙම වෙන්නේ?
කවුරු හරි පොඩඩිහරි කඩයක් දා ගන්නේ මොකටද?
ඒකෙන් කීයක් හරි ලාභ ගන්න නේද?
ලාභය වැඩි කරගන්න සමහර වෙලාවට විවිධ දෙවල් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට මිරිස් කුඩුවලට ගඩොල් කුඩු දානවා. ගම්මිරිස් ඇට වෙනුවට පැපොල් ඇට දානවා. එහෙනම් රෝහලක හරි වෛද්‍ය වරයෙකුගේ හරි බලා පොරෝත්තුව ලාභ ගනන් එක උනොත් ? ඒයාලට වැඩි පුර ලාභ ගන්න නම් අපි වැඩිපුර ලෙඞ්ඩු වෙන්න  ඕනනැද්ද? එක ලෙඩකට දෙන බෙහෙත්වලින් තව ලෙඩක් හැදෙනවානම් තමයි එයාලාට ලාභ හම්බවෙන්නේ. එහෙනම් පෞද්ගලික රෝහල්වල බලාපොරෝත්තුව ඒක නෙමෙයිද? පෞද්ගලික රෝහල්වලට ලාභ ගන්න රජයේ රෝහල් වල බෙහෙත් නැති වෙන්න  ඕන. පහසුකම් නැති වෙන්න  ඕන. දොස්තරලා නැති වෙන්න  ඕන. දැන් ඒක සිද්ධ වෙලාද නැද්ද කියලා. මේක කියවන ඔබ හොඳටම දන්නවා. 
අධ්‍යාපනයත් විකුණුවාම මොකද වෙන්නේ?
මේ කියපු දේවල් මේ වෙද්දිත් සිද්ධ වෙද්ධි තමයි,  මාළඹේSAITM හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා අපි කියන්නේ. පාසල්වලින් මුදල් අය කරන්න එපා කියන්නේ. අධ්‍යාපනය විකුණන්න එපා කියන්නේ. මොකද ඉගෙන ගනන් මුදල් වියඳම් කරන්න උනාට පස්සේ ඒ මනුස්සයාට  ඕන වෙනවා ඒ වියදම් කළ මුදල හොයන්න. එතකොට සමාජයට සේවයක් කරනවා කියන එක හරි, වගකිම් ගැන හරි හිතන්න වෙන්නේ නැහැ. රජයේ ආයතන වලින් ලාභ ගන්න බැරිනම්, පෞද්ගලික ආයතන පටන් ගන්නවා. හැමෝම ලාභ හොයන්න පටන් ගන්නවා. හැමෝම එක එක්කෙනාගේ ජීවිත කොල්ලකන්න උත්සහා කරන නරුම සමාජයක් හැදෙනවා. 
ඉතිං ආණ්ඩුව අපේ පැත්තේ ද?
මේ ප‍්‍රශ්නවලදි ආණ්ඩුව කාගේ පැත්තේද? රාජිත සේනාරත්න ඇමතිවරයා අපේ රටට  ඕන නැති බෙහෙත් ගේනන් නියෝග දුන්නා. ඒක කරන්න බැහැ කියපු ඖෂධ අධිකාරියේ නිලධාරින් එලවන්න කුමන්ත‍්‍රණය කරා. බොහෝ දෙනෙක්SAITM පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියද්දි, රාජිත කියනවා නැහැ ඒක  ඕන කියලා. වරාය නගරය (Port City) හදන්නේ නැහැ කිව්වේ රනිල් වික‍්‍රමසිංහම තමයි. ඒ ඡුන්දය ගනන් කළින්. හැබැයි දැන් ඒක අපාහු හදනවා. උද්ඝෝෂණවලට ගහන්නේ නැහැ කිව්වා. බඳගිරිය මීතොට මුල්ල අම්පාර, ජනතා උද්ඝෝෂණවලට ගැහුවා. අධිකරණ නියෝග ගෙනල්ලා විරෝධතා නැවැත්තුවා. අපිට පොලිස් ප‍්‍රහාර, සිරගත කිරීම් නඩු පැවරීම් හැමදාම. රනිල් වික‍්‍රමසිංහ කෙළින්ම කියනවා. අපි මේවා කරනවා කියලා. ජනාධිපතිවරයා මිනිස්සුන්ට බොරු කිය කිය රට වටේ ඇවිදිනවා. පාර්ලීමේන්තුව බලන්න. මිනිස්සුන්ට අවාසි දායක පනත් දෙකක් සම්මත උනා. තොරතුරු දාන ගැනීමේ අයිතිවාසිකම් පනත කියලා තොරතුරු දැන ගැනීම තහනම් කරපු පනතක් ගෙනාවා. අපේ ඇගිලි සලකුණු ලේ වර්ගය ඔක්කෝම විස්තර තියෙන ආරක්ෂක අංශවලට ගන්න පුලූවන්. විද්‍යුත් හැදුනුම්පත ගෙනාවා. පාර්ලීමේන්තුවේ කරවුරුත් විරුද්ධ උනේ නැහැ. එහෙනම් අපි කාවද විස්වාස කරන්නේ. නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ඉල්ලලා වෛද්‍යවරු වැඩ වර්ජනය කරනාවා. ශිෂ්‍යයෝ පංති වර්ජනය කරනාවා. මේවා ඔබ අපහසුතාවයට පත්වෙන දේවල් විදිහට පේන්න පුලූවන්. හැබැයි සටන් නොකළොත් අපි සියලූ දෙනාට නිකමම් මැරිලා යන්න වෙනවා. ඒ නිසා අපි ඔබට කියනවා, මේ කිසිම ප‍්‍රශ්නයකට උත්තර රනිල් මෛත‍්‍රි ගාව නැහැ. මහින්ද ගාවත් නැහැ. පාර්ලීමේන්තුවෙත් නැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි. එහෙනම් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුලූ අයිතීන් දිනා ගන්න අපි සියලූ දෙනා එකතු වෙලා සටන් කරන්න  ඕන.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>