ඕස්ට්‍රේලියානු රජය විසින් 2017-18 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා තුළින් අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන කප්පාදු කර තවදුරටත් ගාස්තු ඉහළ දැමීම ඔස්සේ ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන අවස්ථා අහිමිවීම නොවැළැක්විය හැකිබව ජාතික ශිෂ්‍ය සංගමය පවසයි. රජය විසින් ගෙන එති මෙම යෝජනා සදහා විරෝධය පළකරමින් එරට ජාතික ශිෂ්‍ය සංගමය(National Union of Students) ජාතික විරෝධතා දිනයක් ලෙස මැයි 17 ප්‍රකාශයට පත් කර ඇති අතර එදින උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.