අධ්‍යාපනය විකිණීම එරෙහිව මැයි 17 දැවැන්ත විරෝධතාවයක්


ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ නියමු ව්‍යාපෘතිය ලෙස සයිටම් හොර උපාධි කඩය රැකගැනීම සදහා රාජපක්ෂ අණ්ඩුව සේම මෛත්‍රී රනිල් අණ්ඩුවද කොන්දේසි විරහිතව මැදිහත් වෙමින් සිටී. වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය පීඨ 06ක් ඉදිරිපිට අරම්භ කල අඛන්ඩ සත්‍යග්‍රහ දින 500ට ආසන්නය. මෙරට සියලු වෛද්‍ය පිඨ වල සිසුන් ගැටලුව විසදන තුරු අඛන්ඩ පන්ති වර්ජනයක නිරත වන අතර එය මේ වන විට දින 120ක් පමණ ගතවී ඇත. මෙම තත්වය තුලද ආණ්ඩුව සයිටම් අහොසී කරනවා වෙනුවට එය රැකගැනීම වෙනුවෙන් යොජනා ඉදිරිපත් කරමින් සිටී.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. කම්කරු අයිතීන් කොල්ලකෑම සහ රජ්‍ය ආයතන විකිණිමද  ඉතා ශීඝ්‍රයෙන් සිදු කෙරෙමින් තිබේ. මෙම තත්වයට විරුද්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව මැයි මස 17 දින පහත සටන් පාඨ මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා පාගමනක් සන්විධානය කර ඇත.

01 නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන 
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු
02 පාසල් තුල මුදල් අයකිරීම නවතනු
03 IESL, කොතලාවල ඇතුළු උපාධි කඩ එපා
04 ජනතා මුදලින් ඉදිවන NSBM ආයතන තුල ගාස්තු අයකිරීම නවතනු
05 විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු
06 ශ්‍රම කොල්ලය ත්‍රිව කරන ඉන්දු ලංකා ගිවිසුම් එට්කා එපා
07 නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් දිනාගැනීමට පෙළගැසෙමු
08 උපාධි කඩ එපා, සියළු දෙනාට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කරනු
09 රාජ්‍ය රෝහල් තුල ඹෞෂධ, රසායනාගාර හා වාට්ටු පහසුකම් පුළුල් කරනු
10 ඹෞෂධ මාෆියාවට එරෙහි වෙමු
11 සරසවි බඳවා ගැනීම් ඉහල දමනු
12 අධ්‍යාපනයට ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදනයෙන් 6% වෙන්කරනු
13 සත්‍යග්‍රහය දින 480 ඉක්මවයි පන්ති වර්ජනය දින 130 යි 
පාලකයිනි, ව්‍යාජ විසදුම් එපා සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු
14 අධ්‍යාපනය අයිතියක් වෙළද භාණ්ඩයක් නොවේ

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>