රටේ මහජනතාව නොමග යවමින් රජයේ වගකීම පෞද්ගලික අංශය මත පවරා මැති ඇමතිවරුන් තම පොකට්ටුවට ලාභ කොටස් එකතු කරගැනීමට කුරුමානමක


වර්තමානය වන විට රටේ මහත් ආන්දෝලනාත්මක කතිකාවතක් වන්නේ මාලඹේ සයිටම් හොර උපාධි කඩය සම්බන්දව කතිකාවතයි. විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම රටේ බහුතර ජනතාවද සයිටම් අහෝසි කරන ලෙස රජයට බලකරමින් විරෝධතා දක්වන මොහොතක රජය විසින් විවිධ වියාජ විසදුම් ඉදිරිපත් කරමින් ඒවා මාධ්‍ය හරහා රටේ මහජන මුදල්ද අයතා ලෙස භාවිතා කරමින් එම වියාජ විසදුම් ප්‍රචාරය කරමින් සිටි.

සයිටම් ආයතනය සහ අධ්‍යාපනය පෞද්ගලිකරණ සුජාතකරණය කිරීමේලා රජයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ උසස් පෙළ සමත් සිසුන් බහුතරයක් සදහා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන බවත් එම නිසා ඔවුන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කර දීම කලයුතු බවත්ය. ඒ සදහා තවත් පෞද්ගලික විශ්වවිද්යාල රටට අවශ්‍ය බව රාජ්‍ය මැති ඇමතිවරු මේ දිනවල වේදිකාවල, මාධ්‍ය සාකච්චාවල පුරසාරම් දොඩවමින් රටේ මහජනතාව නොමග යවමින් රජයේ වගකීම පෞද්ගලික අංශය මත පවරා මැති ඇමතිවරුන් තම පොකට්ටුවට ලාභ කොටස් එකතු කරගැනීමට කුරුමානම් අල්ලමින් සිටි.

ගැටලුව එසේ තිබියේදීම එක පසකින් අධ්‍යාපනය විකිණීමට විශ්වවිද්‍යාල සිසුන් සටන් කරනවා මෙන්ම රජයේ ප්‍රධාන සටන් පාඨය වන්නේ උසස් පෙළ සමත් සිසුන් බහුතරයක් සදහා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන බවත් එම නිසා ඔවුන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කර දීම කලයුතු බවත් යන සටන් පාඨය මුල්කරගනිමින්ද සටන් කිරීමට විශ්වවිද්‍යාල සිසුන්ට සිදුවී ඇත.

පසුගිය 15 දින සබරගමුව විශ්වවිද්‍යාලයට යෝජිත වෛද්‍ය පීඨය වහා ලබාදෙනු, යෝජිත තාක්ෂණ පීඨය විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පරිශ්‍රය තුල ස්ථාපිත කරනු කෘෂි විද්‍යා පීඨ සංකීර්ණය වහා ලබාදෙනු යන සටන් පාඨය මුල්කරගනිමින් සබරගමු විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස සංවිධානය කරන ලද උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් පබහින්න මංසන්දියේදී පවත්වන ලදී.  

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>