රජරට සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටලයි

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් හඩ නැගූ සිසුන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කිරිමට විරෝධය පල කරමින් රජරට සරසවියේ සිසුන් අද දින(22) පරිපාලන ගොඩනැගිල්ල වට කරගෙන සිටි. 

ආණ්ඩුවේ උවමනාව මත රජරට සරසවියේ පරිපාලන නිළධාරින් මෙලෙස අසාධාරන ලෙස සති 8ක් තුල පන්ති තහනම් කිරිම් 27 ලබා දී තිබේ. මෙම පන්ති තනහනම් කිරීම් සම්බන්දයෙන් සාකච්චා කිරීමට සිසුන් උපකුලපතිවරයාගෙන් ඉල්ලා සිටි නමුත් ඊට අවස්තාවක් ලබා නොදීම හේතුවෙන් මෙලෙස පරිපාලන ගොඩනැගිල්ල වට කර අකන්ඩ සත්‍යක්ග්‍රහායක නිරත වීමට සිසුන් තීරනය කර තිබේ. මෙම අවස්තාව ආවරනය කිරීමට මාධ්‍යවේධීන්ට සරසවිය තුලට පැමිනීමටද පාලනාධිකාරිය අවසර දී නැත.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>