කාලයක සිට විශ්වවිද්‍යාල හා පාසල් තුළ නොයෙකුත් උද්ඝෝෂණ මතු වෙනවා. ඇයි එහෙම වෙන්නේ?
විශ්වවිද්‍යාල පද්ධතිය පුරා විශාල අරගල ප‍්‍රමාණයක් මතු වෙනවා. බොහෝ ස්ථානවල අඛණ්ඩ අරගල. රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයට එරෙහි අරගලයට දින 100 කටත් වැඩියි. සමසෞඛ්‍ය සටන ගත්තත් එහෙමයි. අධ්‍යාපන කප්පාදුව හා විකිණීම ශිෂ්‍ය මර්දනය වැනි ප‍්‍රශ්න සෑම විශ්වවිද්‍යාලයකම තියෙනවා. ශිෂ්‍යයන් ඊට විරුද්ධව අඛණ්ඩව අරගල කරනවා. පාසල් පද්ධතිය ගත්තත් ලංකාවේ කොහේ හෝ පාසලක් ඉදිරිපිට සතියකට වරක් උද්ඝෝෂණයක් පැවැත් වෙනවා. ඒ පාසල් වසා දැමීම, මුදල් අය කිරීම වැනි හේතු නිසා. මේවායේ පසුගිය අවුරුද්ද, දෙක තුළ විශාල වර්ධනයක් අපට පේනවා. අපි දකින්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති නිසා ඇති වන ප‍්‍රශ්න නිසායි. ගොඩක් අය කියන්නේ පාලකයන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් නෑ කියලා. ඒ නිසා මෙහෙම වෙන්නෙ කියලා. එය වැරදියි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් ඔවුන්ට තියෙනවා. ඒ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීම. ඒ ප‍්‍රතිසංස්කරණ තමයි මේ කරන්නේ. එක එක ස්වරූපයන්ගෙන් මේ එන්නේ ඔවුන්ගේ ප‍්‍රතිපත්තියයි.
වත්මන් පාලකයන්ගේ ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීම වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. ඒක අධ්‍යාපනය වෙනුවෙන් විතරක් නෙවෙයි. මේ යුගයේ හැම ක්ෂේත‍්‍රයක්ම හැම දෙයක්ම පිළිබඳ අදහස ඒවා වෙළෙඳ භාණ්ඩ කිරීමයි. සෞඛ්‍ය, ජලය, කෘෂිකර්මය යන සියලූ ක්ෂේත‍්‍රවල සියලූ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කරනවා.
අපි දකින්නේ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීම මුළුමනින්ම වැරදියි. අධ්‍යාපනය සමාජ අයිතියක්. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත‍්‍ර අනිවාර්යයෙන්ම ඍජු වෙනස් සාධකයන් මත රදා පවතින දෙයක් ලෙස නොව ඍජු අයිතියක් ලෙස සකස් විය යුතුයි. නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කළා. නමුත් දැන් එය කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. අපි දකින්නේ නිදහස් අධ්‍යාපනය විතරක් නෙවෙයි අධයාපනය ඇතුළෙ ශිෂ්‍යයන්ට තියෙන නිදහස යළිත් දිනාගත යුතුව තියෙනවා. එය තමයි අධ්‍යාපනයෙ සමස්ත ප‍්‍රතිපත්තිය විය යුත්තේ. ඔබ සඳහන් කළ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් පිළිබඳ අදහස පැහැදිලි කළොත් නිදහස් අධ්‍යාපනය කියන එක පැහැදිලියි. ජාති, ආගම්, කුල, ලිංග වැනි කිසිදු ආකෘතියකින්, භේදයකින්, වර්ණයකින් තොරව සියලූමදෙනාට ඉගෙනීමට සමාන පහසුකම් හා සමාන අවස්ථා සැලසෙන ලෙස අධ්‍යාපන ක‍්‍රමය සකස් කිරීම නිදහස් අධ්‍යාපනය කියල හඳුන්වනවා. මේ වන විට ඒ ආකාරයට නිදහස් අධ්‍යාපනයක් නෑ. එය දිනාගත යුතු දෙයක්. ඒ වගේම තමයි නිදහස් අධ්‍යාපනය විතරක් තිබුණට ප‍්‍රමාණවත් වෙන්නෙත් නෑ. නිදහස් අධ්‍යාපනයෙ තියෙන නොමිලේ අධ්‍යාපනය දීම විතරක් ප‍්‍රමාණවත් නෑ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලෙස දෙන්නේ මොනවාද? ඔවුන් අධ්‍යාපනය තුළ හදාරන්නේ මොනවාද? ඒවා ජීවිතය සමග කොතරම් බද්ධ වෙනවාද? එය ශිෂ්‍යයන්ගේ සමස්ත ඉදිරි ගමනට දායක වෙන අධ්‍යාපනයක් ද දෙන්නේ කියන එකත් ඉතා වැදගත්. මොකද මේ හුඟක් ඍජු මර්දනය වගේම දෘෂ්ටිවාදයන් හරහා තමන්ට පාලනය පවත්වාගෙන යන්න උත්සාහ කරන ක‍්‍රමයක් ලෙස අධ්‍යාපනය පාලකයන් ඍජුවම යොදා ගන්නවා. ශිෂ්‍යයන්ගේ ඔලූ හෝදන්න එසේම සමස්ත පාලකයන්ට අවනත කරගැනීමේ මානසිකත්වයක් හදනවා. ඒවා පොදු සමාජ අරමුණු වලට පටහැනියි. ඒ නිසා අධ්‍යාපනයේ නිදහස දිනාගැනීම, නිදහස් අධ්‍යාපන දිනාගැනීම තරමටම ජනතාවට වැදගත් වෙනවා.
ශිෂ්‍යයන්ට හැමදාම තිබුණ විවේචනය විශ්වවිද්‍යාල තුළදි රැුඩිකල් හැබැයි සමාජයට ගියාම එහෙම නෑ කියලා.
අපි දකින ආකාරයට ප‍්‍රශ්නය තියෙන්නේ ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි. මේ නව ලිබරල් ධනවාදය කි‍්‍රයාත්මක කරන ආකාරයට ඕනෑම සමාජයක ඕනෑම සමාජ ස්ථරයකට තමන්ගේ ජීවන පැවැත්ම ගත්තත් විශාල අර්බුදයක් තියෙනවා. ගොවීන්ට, ධීවරයින්ට, කම්කරුවන්ටත් එහෙමයි. නමුත් මේ කාලයේ ලංකාව තුළ විශ්විවිද්‍යාල ශිෂ්‍යයන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස එකතු වෙලා ඉන්නවා. ඉතිහාසයේ ඉඳන් ඒකාබද්ධ වී සිටීම, ඒකාබද්ධව සටන් කිරීම ඇතුළෙ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වගේම තවත් බොහෝ පැතිවලින් ශිෂ්‍යයන් ලබාගත් ජයග‍්‍රහණ බොහෝමයක් තියෙනවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය වෙත ඒකාබද්ධව සිටිය යුතුයි කියල මතයක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලයේ එළියට ගිය ගමන් ශිෂ්‍යයන් සංවිධානය වීමක් නැති සමාජයකට වැටෙනවා. ඒ සමාජය තුළ ඔවුන් කවුරු වුණත් වර්තමානය වන විටත් උත්කර්ෂයට නංවල තියෙන (වටිනාකමක් දීලා තියෙන) තනි තනිවම පෞද්ගලික ජීවිතය පසුපස හඹායන මිනිසුන්ට නිසා සමාජයේ මිනිසුන් ලෙස ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න පෙළඹෙනවා. දේශපාලන සවිඥානිකත්වය වැඩි පිරිස් පමණක් තවදුරටත් කුමක් හෝ කි‍්‍රයාවලියක නිරත වෙනවා. මේ තත්වය වෙනස් කරන්න නම් ශිෂ්‍යයන් විතක් නෙවෙයි සංවිධිත කම්කරු ව්‍යාපාරයක්, ගොවි ව්‍යාපාරයක් ගොඩනැගීමේ වගකීමක් අපට තියෙනවා. ඒ හරහා තමයි එය වෙනස් කරන්න පුළුවන්.
ඒ වගේම මේ තියෙන තත්වයන් ඇතුළෙත් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපි කරමින් ඉන්න අරගලය දීර්ඝ කාලීන ලෙස එය ජයග‍්‍රහණය කරන්න පුළුවන් ඊට උරදෙන, එම ප‍්‍රශ්න අවබෝධ කරගත් පිරිස් විශාල වශයෙන් ගොඩනැගීමේ උවමනාවක් තියෙනවා. ඒක කරන්න වෙන්නේ ශිෂ්‍යයන් හුදු මේ ප‍්‍රශ්න වෙනුවෙන් කරන සටන් වෙනුවට සටන් ඇතුළෙදි දේශපාලනිකව මේ කාරණා අවබෝධ කරගැනීමට සැලැස්වීමෙන්. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපි ප‍්‍රවේශයක ඉන්නවා. ඒ නිසා තමයි මේ ගැටලූව හුදෙක් අධ්‍යාපන ඇමතිවරයාගේ හෝ විශ්විවිද්‍යාල උපකුලපතිවරුන්ගේ ගැටලූවකින් එහා ගිහිල්ලා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණයන්ගේ ගැටලූවක් ලෙස අවබෝධ කර ගනිමින් සටනට එලඹිලා තියෙන්නේ. ඒ නිසා තමයි සෑම විශ්වවිද්‍යාලයකම සමහර ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් කි‍්‍රයාත්මක වෙන දැවැන්ත මර්දනයක් ඉදිරියේත් තමන්ගේ උපාධිය පවා අවිනිශ්චිත තත්වයක් තුළ මේ අරගලයෙ නිරත වෙලා ඉන්නේ. ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ආ ගමන් මගේ ඉදිරි පියවරක් කියලා කම්කරුවන්, ගොවි සංවිධාන, ධීවරයන් හා වාමාංශික දේශපාලන පක්ෂ සමග ඒකාබද්ධ කි‍්‍රයාමාර්ගවලට එලඹෙන්න පුළුවන් වෙලා තියෙනවා.
අධ්‍යාපනය සඳහා වියදම් කරන දෙමාපියන් බොහෝ පිරිස් වැටුප් ශ‍්‍රමිකයන්, ගොවීන්, ධීවරයන්, සුළු ව්‍යාපාරිකයින්, ඔවුන් මේ පිළිබඳ දක්වන අවධානය කොහොමද?
ශිෂ්‍යයන් ලෙස අප සාකච්ඡුා කරන ප‍්‍රශ්න බොහෝමයක් ශිෂ්‍යයන්ට විතරක් අයිති ප‍්‍රශ්න නෙවෙයි. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීම නිසා පැන නගින පාසල් වසා දැමීම, පාසල් වලින් මුදල් අයකිරීම, පෞද්ගලික විශ්වවිද්‍යාලයක හෝ රජයේ විශ්වවිද්‍යාල තුළ උපාධි විකිණීම, පාඨමාලා කප්පාදුව, බඳවා ගැනීම් අඩු කිරීම මේ මොහොත තුළ විශ්වවිද්‍යාල තුළ සිටින ශිෂ්‍යයන්ගේ පමණක් ප‍්‍රශ්න නෙවෙයි. අපි කරමින් ඉන්න අරගලය මේ රටේ අතිබහුතරයක් වෙච්ච කුමක් හෝ රැුකියාවක් කරන, මුහුදු යන, ගොවිතැන් කරන මිනිසුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව ප‍්‍රශ්නයක්. මේ අරගලය සාර්ථක කරගන්නෙ නැතුව අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කළොත් ලක්ෂ ගණන් මුදල් ගෙවා ගත නොහැකිව අධ්‍යාපනයෙන් පිටමන් වෙන්නේ 98% ක් 99% ක් වන සමස්ත පීඩිත පන්තියේ දරුවන්. ඒ නිසා මේ අරගලය ඔවුන්ගේ අරගලයක් බවට පත් කළ යුතුයි. ශිෂ්‍යයන් උද්ඝෝෂණය කරන කොට පාලකයන්ගේ දැක්මට අහුවෙලා ඊට බැණ වදින එක හරි, නැත්නම් තමන්ට අදාළ නැති දෙයක් ලෙස දකිනවා වෙනුවට කම්කරුවන්, ගොවීන් මේ සටන සමග ඒකාබද්ධ විය යුතුයි. මේ මොහොත වන විට දවසට පැය දෙකක් හෝ වැඩිපුර වැඩ කරලා, වැඩිපුර මහන්සි වෙන්න උත්සාහ කරනවා වගේම මේ සටන සිදු කරන්නෙ අධ්‍යාපනය සමාජ අයිතියක් බවට පත්කර ගැනීම වෙනුවෙන් නිසා මේක ඍජුවම මේ වන විටත් අධ්‍යාපනයට මුදල් ගෙවන්න වෙලා තියෙන, වැඩකරන ජනතාවගේ ගැටලූවක්.
මේ තත්වය වෙනස් කිරීමට කුමක් කළ යුතුද?
නිවැරදි දැක්මක් සහිතව නිවැරදි ක‍්‍රමවේදයන් ඔස්සේ සටන් කළ යුතුයි. පැහැදිලි කළොත් මේ ප‍්‍රශ්නයේ මුලයන් හඳුනාගත යුතුයි. අපි හඳුනාගෙන තියෙනවා සියලූ දේ වෙළෙඳ භාණ්ඩ බවට පත්කරන ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයක් මත මිනිසුන්ගේ ජීවිත වලට පවා මිලක් නියම කරලා, මේ නව ලිබරල් ධනවාදයේ සමාජ ක‍්‍රමයේ අවශ්‍යතාවයක් ලෙස. ඊට විරුද්ධව අරගල කළ යුතුයි. ඒ අරගලය කම්කරුවන්, ගොවීන් ඇතුළු සියලූ පීඩිත බලවේග සමග ඒකාබද්ධ වුණු වාමාංශික දේශපාලන පක්ෂවල මැදිහත් වීමෙන් කෙරෙන පුළුල් අරගලයක් තුළ සියලූ සමාජ අයිතීන් දිනා ගන්නා තැනක අධ්‍යාපනයත් අවසාන වශයෙන් සමාජ අයිතියක් බවට පත්කර ගන්න හැකිවන බව අපගේ විශ්වාසයයි. එතෙක් මේ සටන මොන ආකාරයේ පාලකයන් සිටියත් අඛණ්ඩව පවතීවි.