රජරට උපකුලපතිට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මානව හිමිකම් පැමිණිල්ලක්.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යසංගමය මගින් එම විශ්වවිද්‍යාලයේඋපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධනමහතාට එරෙහිව මානව හිමිකම් කොමිසමේඅනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයට අද(03) දිනපැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. 

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හේතු වූයේ“මැයි 1 ඇයි?” යන මැයෙන් රජරටවිශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් පැවැත්වීමට තීරණය කර තිබෙන ජාත්‍යන්තරකම්කරු දිනය පිළිබඳ සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය තුළ පැවැත්වීම සඳහා පසුගිය අප්‍රේල් මස 30 වන දාඋපකුලපති කාර්යාලයට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියක් මූලික කර ගනිමිනි. මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිසහෝදරයා සහ තවත් ශිෂ්‍ය නියෝජිත සහෝදරයකු මෙසේ උපකුලපතිවරයා හමු වී අදාල සම්මන්ත්‍රණය සඳහාඅවසර ලබා ගැනීමට ගොස් සිටියේ විශ්වවිද්‍යාලය තුළ නීත්‍යානුකූලව ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංගමයක් වශයෙනි.නමුත් එම අවස්ථාවේදී අදාල අවසර පත්‍රය ද ඉරා කුණු කූඩයට විසි කරමින් ශිෂ්‍ය නියෝජිතයන්ට සහ සම්මන්ත්‍රණයසඳහා සහභාගී වීමට නියමිතව සිටි ආචාර්යවරුන්ටද ඉතා පහත් අකාරයෙන් බැන වැදී ඇති අතර තම රාජකාරී ලිපිගොනු වලින් ශිෂ්‍ය නියෝජිත සහෝදරවරුන්ට පහර දීමට ද උත්සාහ කරන ලදි. මෙම සම්මන්ත්‍රණයට අවසර ලබානොදීම සඳහා උපකුලපතිවරයාට කිසිඳු සාධාරණ හේතුවක් නොතිබූ අතර එය සම්පූර්ණයෙන්ම ඉතා ද්වේශසහගතලෙස සිදු කරන ලද අත්තන්නෝමතික ක්‍රියාවක්ය යන්න අපගේ හැඟීමයි. උපකුලපතිවරයා මෙලෙස හැසිරුණුප්‍රථම වතාව මෙය නොවන අතර ඊට පෙර ද බොහෝ අවස්ථා වලදී සිසුන් තම අදහස් ප්‍රකාශ කිරීමක් වශයෙන්විශ්වවිද්‍යාලය තුළ යොදනු ලබන පෝස්ටර් සහ කටවුට් පවා ආරක්ෂක අංශ යොදා ගනිමින් ඉවත් කිරීමට කටයුතුකර තිබිණ. ඒ අනුව අද(03) දවසේදී මීට එරෙහි එක් ක්‍රියාමාර්ගයක් ලෙස මානව හිමිකම් කොමිසමටපැමිණිල්ලක් කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තීරණය කළ අතර ඉදිරියේදී උපකුලපතිවරයාගෙන්මෙවන් අත්තනෝමතික ක්‍රියාකාරකම් වලට එරෙහිව දැඩි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කොට ඇත. 

විශ්වවිද්‍යාල පරිපාලනය මගින් අවසර ලබා නොදුන්නද “මැයි 1 ඇයි?” සම්මන්ත්‍රණය 2014.05.05 වන දිනආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ සහ අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත්ඉන්දික සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වීමට මහා ශිෂ්‍ය සංගමය කටයුතු සූදානම්කොට ඇත.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>