එරබදු මලක තරමට
මැයි මලක පැහැය රතු නැද්ද
බක් මහ අකුණු තරමට
ෂෙල් වෙඩි හඬට බය නැද්ද
පරවුණු හීන හිතයට
කාගෙත් රිදුම් දෙන් නැද්ද
බක් මහ කඳුළු තරමට
මැයි කඳුළු ලුණු රස නැද්ද.....?
එකම මව් කුස උකුල
එකම ලේ කිරි කඳුළ
බෙදාගත් සොයුරු වුව
එකම ඉඩමක කඩුලු
බඳිනු ඇයි පෙර දැක නැද්ද
එකම අහසක වියන
එකම පොළොවක පහස
උරුම උන් තම කොටස
දිනා ගනු ඇයි කැප නැද්ද......?
~ රුවන් නෙලූ
මැයි මලක පැහැය රතු නැද්ද
බක් මහ අකුණු තරමට
ෂෙල් වෙඩි හඬට බය නැද්ද
පරවුණු හීන හිතයට
කාගෙත් රිදුම් දෙන් නැද්ද
බක් මහ කඳුළු තරමට
මැයි කඳුළු ලුණු රස නැද්ද.....?
එකම මව් කුස උකුල
එකම ලේ කිරි කඳුළ
බෙදාගත් සොයුරු වුව
එකම ඉඩමක කඩුලු
බඳිනු ඇයි පෙර දැක නැද්ද
එකම අහසක වියන
එකම පොළොවක පහස
උරුම උන් තම කොටස
දිනා ගනු ඇයි කැප නැද්ද......?
~ රුවන් නෙලූ