වල්පොල රාහුල හාමුදුරුවෝ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කළේ උගත් බුද්ධිමත් භික්‍ෂු ප‍්‍රජාවක් තුළින් ජාත්‍යන්තරයට පවා බුදු දහම ගෙන යෑමේ අරමුණෙනි. එම අරමුණ ජය ගැනීම කොපමණ කාලයක් ඉටුවීද යන්න කෙසේ වුවත් අද පවතින බොදු පාලි සරසවිය මූලික පිරිවෙනකට පවා අන්ත තත්ත්වයකට ඇද දමා ඇතිබව නම් ඇත්ත ය.
දැනට වසර තුනකට අධික කාලයක් තිස්සේ ශිෂ්‍ය සංගම් තහනම් කර ඇත. අධ්‍යාපනය ලැබීමට තරම් නිදහසක් තබා කලා කටයුත්තක් හෝ සිදු කිරීමට එහි ඉඩකඩක් නැත. ලබාදෙන උපාධියේ ගුණාත්මක බාවය ගැන පාලකයන්ගේ වගවීමක් නැත.මානව ගුණධර්ම පිරුණු සරසවි භික්‍ෂුවක් වෙනුවට පරිපාලනයට අවැසි වන්නේ උගත් කුහකයකු නිශ්පාදනය කොට සමාජයට මුදා හැරීමටයි. ඒ බව තහවුරු වන්නේ අඩුම තරමේ වසර හතරක භික්‍ෂූන් වහන්සේලාට ඔවුනොවුන් හඳුනාගැනීමට හෝ ඉඩක් නොතබා හිර ගෙයක් බවට පත් කිරීමයි.
ඇයි හාමුදුරුවරු පාරේ..............
මේ අපේ අරගලය ඔබ දකින වෙලාවයි. මහ පාරට එන්නට පෙර අපි කොතෙකුත් ලිපි මගින් පරිපාලනය හි ආණ්ඩුව දැනුවත් කළෙමු. සාකච්ඡු කළෙමු. බලා සිටියෙමු. විසඳුමක් ලැබෙන සේයාවක්වත් නැත. තව දුරටත් බලාසිටීමෙන් ඵලක් නැත. ගැටළු අවුල් බවට ද, අර්බුද බවට ද පත්වන්නට හැර විශ්වවිද්‍යාලය අගාධයකට යෑම තොක් බලා සිටීමට අපට නොහැක. නිදහස් අධ්‍යාපනයේ අයිතිය අපට උරුමවිය යුත්තකි. එය උදුරාගැනීමට කිසිවකුට අයිතියක් නැත. නිදහසේ අධ්‍යයන කටයුතු කිරීමට අවැසි මානසිකත්වය උදුරාගෙන ඇත. එය උදුරා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැක. හොඳින් ඉල්ලා නොලැබුණ තැන බලෙන් උදුරාගැනීමට සිදුවීම අභාග්‍යයකි. එහෙත් අනාගත පරපුරක අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අප ඒ සඳහා මැලි නොවෙමු.
අපේ කතාව................
අපේ ගැටළු පිළිබඳ පරිපාලනයට වගක් නැත. විසඳන පාටක් ද නැත. නිහ`ඩව සිටීමෙන් ද වැඩක් නැත. අපි අපේ ගැටළු ඔබට කියන්නට සිතුවෙමු. ඒ ඔබ දැනුවත් කිරීම වැදගත් යැයි සිතූ නිසාවෙනි. මහා ලොකුවට බෞද්ධ රාජ්‍යයක් ගැන පාරම්බාන මේ පාලකයන්ට භික්‍ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන නිදහස, නිදහස් අධ්‍යාපනය පිළිබඳ අබමල් රේණුවකවත් තැකීමක් නැත. අපි අරගලය තෝරාගතිමු. අපට අපේ සමගිය විශ්වාස ය. මේ අරගලය කප්පාදු කළ සියලූ අයිතීන් දිනාගෙන මිස ආපසු හැරෙන්නක් නොවන වග අපි ඔබට ප‍්‍රකාශ කරමු. දැන් අපේ වාරයයි. කප්පාදු කළ අයිතීන් ඉවත් කිරීම, මර්දනය ඉවත් කිරීම, අධ්‍යාපනයේ නිදහස තහවුරු කරගැනීම තෙක් සටන් කරමු. ඒ සඳහා අත්වැල් බැඳ ගමු.
භික්‍ෂු කි‍්‍රයාකාරී කමිටුව - බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය