නොනිදන රාත්‍රිය සාමකාමී විරෝධතා අට්ටාලයට පොලිසිය පහර දෙයි, සිසුන් 13 අත්අඩංගුවට
Sunday, July 23, 2017
KOONGASTHENNA MAHA VIDHYALAYA
පුරහල, ලිප්ටන් වටරවුමේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ දිනයේ අැරඹු නොනිදන රාත්‍රිය විරෝධතා අට්ටාලය මහජන පිඩාවක් යයි පවසා එය ඉවත කරන ලෙස ඉල්ලා කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් සහිතව පැමිණි පොලිසිය විනාඩි 15ක් තුල ඉවත්වන ලෙස ප්‍රකාශ කර සිටි අතර මහජන පිඩාවක් කෙසේ සිදුවන්නේද පිලිබදව සිසුන් දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රස්න කර සිටියේය. එම වචන හුවමාරුවෙන් පසුව පොලිසිය විසින් සිසුන් හට බඩුබාහිරාදිය ඉවත් කර ගැනීමට කාලයක් නොතබා අධිපිඩන ජල ප්‍රහාර එල්ල කොට සිසුන් පලවා හැරීමට කටයුතු කල අතර සිසුන් 13ක් අත්අඩංගුවට ගෙන තිබේ. කරාපිටිය වෛද්‍ය පිඨයට අයත් සිසුන් 8 දෙනෙක් හා රාගම වෛද්‍ය පිඨයට අයත් සිසුන් 5ක් ඒ අතර සිටි.රාගම වෛද්‍ය පිඨයේ සහෝදරියක්ද එම සිසුන් අතර සිටි. මිට අමතරව ලක්ෂ ගණනක් වටිනා බඩු බාහිරාදියද පොලිස් බාරයට ගෙන ඇති අතර සිසුන්ගේ අධ්‍යන කටයුතු වලට අදාල පොත්පත් සහිත ගමන් මලු සහ කුලී පදනම මත ගෙනෙන ලද වැසිආවරණ ද ඒ අතර වේ. මේ කිසිවක් ඉවත්කර ගැනීමට ඉඩක් නොලබා පහර දිම සිදු විය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>