සබරේ සිසු ජන පා ගමන

අධ්‍යාපනය විකිනීමටත්,ශිෂ්‍ය මර්ධනයටත් එරෙහිව සබරගමුව මහා ශිෂ්‍ය සංගමය මඟින් අද (24)දින සබරගමුව සරසවියේ සිට බලංගොඩ නගරය දක්වා සිසු ජන පා ගමනක් සංවිධානය කර තිබුණි. 

පා ගමන නතර කිරීමට පොලිසිය විසින් අධිකරන නියෝගයක් ලබාගෙන තිබූ අතර දිඟින් දිඟටම එල්ල වූ පොලීසියේ බදා කිරිම් හේතුවෙන් පා ගමන සබරගමුව සරසවියේ සිට පඹහින්න හන්දිය දක්වා පැමින විරෝධතා රැලියක් පවත්වා අවසන් කලේය. මේ සදහා සිසුන් දෙදාහකට අධික පිරිසක් සහබාගී වූ අතර ගම්වාසින්ගෙන්ද සහයෝගය ලැබුනි. අනෙක් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරු හා නියොජිතයන් සහබගි වි සිටි අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සන්ජීව බණ්ඩාර සහොදරයාද සහබාගි විය.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>